Colombo Today Local News

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

muruttettuwe ananda thero

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ලබන 15වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ භික්ෂු සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මේ බව කියාසිටියේ ඊයේ (09) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

‘පැවිදි හඬ’ සංවිධානය විසින් ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී මෙම භික්ෂු සත්‍යග්‍රහය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිවරයොගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවිදි හඬ සංවිධානයට සාකච්ඡාවක් ලබාදී ඇති බැවින් එම සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

Related posts

ලන්ඩන් කොටි උද්ඝෝෂණ යාපනයේ දෙමළ බෞද්ධයෝ හෙළා දකිති

colombotoday

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

රට ඉදිරියේ භයානක තත්ත්වයක්.. භික්ෂූන් එකට එක් විය යුතු වෙලාවයි මේ – ගැටඹේ නාහිමි

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin