Colombo Today Local News

රට ඉදිරියේ භයානක තත්ත්වයක්.. භික්ෂූන් එකට එක් විය යුතු වෙලාවයි මේ – ගැටඹේ නාහිමි

රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක් හදාගෙන ඉන්නෙ. ඕකෙ සල්ලි නැති හිඟන්නු ටික කැමැති වෙනවා ඒවට. ‍ඕකෙන් වෙන්නෙ රටට හොඳක් නෙමේ රටේ අනාගතය අඳුරු විමක් හා භයානක තත්වයක්. ර‍ට ගැන හිතෙන කිසි කෙනෙක් ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් නෑ‘ යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඒ හිමියන් බැහැ දැක යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කීහ.

‘පත්තරේ මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයටයි මලික් සමරවිර මහත්තයටයි බලය ඉක්මවා ගිය බලයක් දෙන්න යනවා. දැනටත් පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. කිසිම සදාචාරයක් නැ.මේක මහා භයානක තත්වයක්. මේ කරන්න හදන්නෙ ජනාධිපතිගෙ බලතල අයින් කරල හෙමිහිට පැත්තකින් තියල මෙයාල බලය අරන් රජය ගෙනයන්න තමා මේ හදන්නෙ. මේ මිනිස්සුන්ට මොලයක් තියෙනවනම් හිතන්න ඕන මේ මොනවද මේ කරන්නෙ හදන්නෙ කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday