Colombo Today Local News

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි.

උණුවතුර කල්දේරමක් උස් ස්ථානයක සිට පහලට ගැනීමට උත්සාහ කිරීමේදී එම රැඳවියා කල්දේරම තුලට වැටී ඇත්තේ ඉකුත් 28 වැනිදා බවත්, ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06)දින මියගිය බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අගුනුකොලපැලැස්ස පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පවසයි.

Related posts

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

colombotoday