Colombo Today Local News

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

hkmbrපසුගිය අගහරුවාදා උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ කැබිනට් හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ අමාත්‍ය රවූෆ් හකීම් අතර නැවත වරක් උණුසම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

පිත්තල, තඹ යකඩ සහ ඊයම් අපනයනය හා සීමා පැනවීම් සහිත යෝජනාවක් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිපත් කළ අතර රාවුෆ් හකීම් ඇමතිවරයා ඊට විරුද්ධ වෙමින් අදහස් පලකර ඇත.

සෙවණගල, පැලවත්ත එතනෝල් අඩු මිලට විකුණන්නේ ඇයිදැයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිවරයා රිෂාඩ් බදුර්දීන්ගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ 2013 දී විකිණු මිලට වඩා වැඩි මිලට තමන් දැන් එතනෝල් විකුණන බවයි.

එයට මැදහත් වෙමින් ඇමති රාජිත සේනාරත්න “මුස්ලිම් අය මද්‍යසාර බිස්නස් කරන්නෙ නැහැ. ඒක ගැන අපි දන්නවා“ යැයි ප්‍රකාශ කර ඇති අතර දැනට ලංකාවට එතනෝල් ගෙන්වීමේ බලය හිමි එකම පුද්ගලයා අර්ජුන් ඇලෝෂියස් බවද ප්‍රකාශ කර ඇත.

ජල ගාස්තුව 30%කින් ඉහළ දැමීම පිළිබදවද කැබිනට් මණ්ඩලයේ කතා බහට ලක්ව ඇති අතර, රාවුෆ් හකීම් ඇමතිවරයා අලුතිනේ සේවකයන් 3000ක් ජල සම්පාදන මණ්ඩලයට බදවාගෙන ඇති බවත්, ජල ගාස්තු වැඩි කිරීමට සිදුවූයේ එනිසා බවත් හකීම් ඇමතිවරයා දැන් මොනවා කීවත් ඇත්ත කතාව එය බවත් රීෂාද් බදුර්දීන් ඇමතිවරයා පවසා ඇත.

එම ප්‍රකාශයෙන් දැඩි ලෙස කිපුණු හකීම් ඇමතිවරයා “මේ කියන්නේ පට්ටපල් බොරු“ මම බදවාගත්තේ 500යි යැයි ද පැවසීය.

පාඩු ලබන ආයතන තියෙනවා නම් ඒවට තවත් අලුතින් සේවකයන් ගන්න එපා යැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

බදවාගැනීමේ ක්‍රියාපටිපාටිය උල්ලංගණය කරමින් රවූෆ් හකීම් ඇමතිවරයා ජාතිවාදී පදනමින් තමන්ට හිතවත් පිරිසක් ජල සම්පාදන මණ්ඩලයට අලුතින් බදවාගත් බව පසුගිය සමයේ චෝදනාවට ලක්වූ අතර ඇමතිවරයා ඒ දිනවල එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

Related posts

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

colombotoday

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday