Colombo Today Local News

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව ආණ්ඩුවේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

සිය කාර්ය මණ්ඩලය තව දුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ඇතුළු කොන්දේසි පහක් රවි කරුණානායක මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඇති බවද සදහන් වේ.

බැදුම්කර කොමිසමේ දී අනාවරණය වු කරුණු පදනම් කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත්දා රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය මෙන්ම එජාපයේ පිරිසක්ද එම විශ්වාසභංගයට පක්ෂය ඡන්දය දීමට සූදානමින් සිටින බැවින් ඊට පෙර ඉල්ලා අස්වන්නැයි රවී කරුණානායක මහතාට රජයේ ඉහළම තැන්වලින් දැනුම් දී ඇති බවද සදහන් වේ.

Related posts

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

colombotoday

Video: වෙනසට එහාගිය රැඩිකල් වෙනසක් ඉල්ලන රවී කරුණානායක

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

සහජීවනය සිරිකොතෙන් දෝරෙ ගලයි.. මුජිබර් රහුමාන් බුද්ධාගමට මහ දවාලේ අපහාස කරයි (Video)

colombotoday

දෙසැම්බරයේ සිට දිගු කාලයකට යළිත් රට වැසෙයි ?

colombotoday