Colombo Today Local News

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

පවතින අධික වාර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ම ඇණහිට ඇතැයි පොලීසියසඳහන් කරයි.

ඒ, හුන්නස්ගිරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි.

මීට අමතරව පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවති.

ඒ, ගල්ලෑල්ල මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙනි.

පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කරන්නේ, මේ වනවිට මොරගහකන්ද ජලාශයෙන් අඹන්ගගට ජලය මුදා හැරීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

සෝමාවතිය පුදබිම තවදුරටත් ජලයෙන් යටව පවති.

කවුඩුල්ල හා මින්නේරිය ජලාශවලින් නිකුත් කෙරෙන ජලය හේතුවෙන් ලංකාපුර හා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට යම් බලපෑමක් ඇති ව තිබෙන බව රංජිත් අලහකෝන් මහතා පවසයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

colombotoday

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday