Colombo Today Local News

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලික තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පවසයි.

පසුගිය දිනක ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී සිටියදී දින තුනකට පසු යුද හමුදාව විසින් ඔහුගේ සිරුර සොයාගැනීමත් සමග එම භූමියේ පවතින අනාරක්ෂික භාවයට විසදුම් ලබාදෙන තෙක් මෙම තීරණය ගෙන ඇත.

දේශීය විදේශීය සංචාරකයින් නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රාත්‍රිය ගත කිරීම නිසා සංචාරකයින්ට සිදුවන නතුරු මෙන්ම පාරිසරික වශයෙන් ද හානි සිදුවේ.

ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා තිබේ.

Related posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

ටී එම් වී පි මහලේකම් අත්අඩංගුවට

colombotoday

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday