Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අගය කරන බව පැවසූ කන්නි විග්නරාජා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වී තිබේ.

තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇය මෙහි දී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සහ දිගුකාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන වැඩසටහන් පිළිබඳව ඇයව දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය ද පෙන්වා දී තිබේ.

Related posts

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

මන්ත්‍රීවරයෙකුගේ පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කල කතක් අත්අඩංගුවට

colombotoday

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

colombotoday