Colombo Today Local News

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ, මහවැලි ගඟේ ඊයේ (25)දින නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මරණකරු වයස අවරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන බවට අනුමාන කෙරෙන අතර කළු ඉරි සහිත කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇඳ සිට ඇත.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින සබීතාගෙ හිස් බිල්ඩිම : මාසික විදුලි බිල ලක්ෂ 13 යි !

colombotoday

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

එජාප සමුළුවට ආ ඉතිහාසගත ජන ගංගාව දැක, ගම්මන්පිලට, වීරවංශට තරු පෙනිලා

colombotoday