Colombo Today Local News

බදුර්දීන් සමග 06ක්, විජේදාස, සුජීව සමග එජාප 10ක් එයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ අලුත් ආණ්ඩුවකට සූදානම් !!

පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ.

මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විටත් නව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පල කර ඇති බවද සදහන්ය.

හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපයේ ඇමතිවරැන් හය දෙනෙකු පමණ නව ආණ්ඩුවට එක්වීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බවද වාර්තා වෙයි.

Lankacnews

Related posts

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

colombotoday

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

Admin

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

colombotoday

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday