Colombo Today Local News

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

විශාල ගල්තලාවක් මත පිහිටා ඇති ගලෙන්බිදුනුවැව මෙගොඩවැව පලුගොල්ලගම වේරගල පුරාණ විහාරස්ථානය මේ වනවිට අභාවයට යමින් පවතියි.

අක්කර තුනක් පමන විශාල ගල් පරවතයක් මත වේරගල පුරාන බෝසෙවන විහාරය ඉදිකර ඇති අතර ඒ වටා අක්කර 50 පමන දැඩි කැල බද ප්‍රදේශයක් ද පවති.

පුරාණයේ මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ විසුවද එම ස්ථානයේ මුලික අවශ්‍යථා නොමැති කම හෙතුව මත මෙහි වැඩ විසිම සදහා භික්ෂූන් වහන්සේලා වැඩි රුචිකත්වයක් නොමැති බව විහාරාධිපති පුජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ සදහන් කර සිටි.

මෙම පුජනිය ස්ථානයේ නටබුන් වු ධර්ම ශාලාවක් ඇතුළු භික්ෂූන් වහන්සේලා වැඩ විසු කුටි තුනක් දක්නට ලැබෙන අතර නව ආවාස ගෙයක් තැනීම මිට වසර කිපයකට පෙර අරම්භ කර තිබෙන නමුත් එහි වැඩ අතර මග නවතා දමා ඇතුතේ එය තැනීමට තරම් ආර්ථික සවියක් ඇති දායක පිරිසක් නොමැ කම හේතුවෙන් බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසයි.

අද වන විටත් මෙම ස්ථානයේ අගමික වතාවක් සිදු කරන අතර මනරම් බෝධින් වහන්සේ හා කුඩාවට තැනුන විහාර මන්දිරයක් දක්නට ලැබෙන අතර විහාර ගෙයක්ද පවති.

මෙහි භික්ෂූන් වහන්සේලා තුන් නමක් වැඩවසන නමුත්, උන්වහන්සේලාට භාවිතා කිරීම සදහා නිසි වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැත.

පුරාණ පියගැටපෙල හා පොකුණු විහාරස්ථානයේ දක්නට ඇති අතර ගල් ලෙන්ද මෙම ස්තානයේ දක්නට ඇත.

විහාරස්ථානය පිහිටා ඇති භූමියට නුදුරින් ඓතිහාසික මිහිඳු මහරහතන් වහන්සේ ගේ පහස ලැබූ මිස්සක පව්ව හා උතුරු පළාතේ උසම කඳුවැටිය වන ඓතිහාසික හා ආගමික ශාසනික සාමාජික වටිනාකම් බොහොමයකින් සමන්විත රිටිගල පිහිටා තිබිමද විශේෂත්වයකි.

මේ වන විටත් ගල් තලාව මත පුරා විද්‍යාත්මක සාධක යැයි සැලකෙන සලකුණු දක්නට ලැබෙන අතර, මෙම ස්ථානය පුරාවස්තු සොරුන්ගේ නෙත ගැටී ඇති බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පෙන්වා දෙති.

විහරස්ථාන අභාවයට යා නොදී භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සඳහා වැඩ විසීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට යම් කෙනෙකු ඉදිරිපත් වෙනවානම් එය භික්ෂු සමාජය වෙනුවෙන් හා සමස්ත බෞද්ධයා වෙනුවෙන් කරන මහඟු සත්කාරයක් බව විහාරාධිපති හිමියන් සඳහන් කර සිටිති.

මේ සඳහා යම් අයකු දායක වීමට කමත්තේනම් 0727605173 යන දුරකථන අංකය ඔස්සේ විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගත හැක.

ගලෙන්බිදුණුවැව බාලසුරිය

Related posts

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday

පුළුවන්නම් ඇමතිකමෙන් ඉවත්කර පෙන්වන්න – වසන්තගෙන් එජාපයට අභියෝගයක් !

colombotoday

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday

ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ සුළ මුල ‍හෙළිවෙයි

colombotoday