World

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හානි සිදුව ඇත.

යුද නෞකාව පෙරළා පහර දී එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දමා ඇති අතර යුද නෞකවට හෝ එහි සිටි ඇමෙරිකන් සෙබළුන්ට හෝ අනතුරක් සිදු වී නොමැත.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. ලැබූන්’ යුද නෞකාවටය.

හවුති සටන්කාමීන්, ඇමෙරිකන් නෞකා ඉලක්ක කර ගනිමින් මෙසේ පහර දී ඇත්තේ, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එක් වී, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දක්වමිනි.

Related posts

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

colombotoday

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday