World

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

සෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ඊට අමතරව සෞදි අරාබියේ පිහිටා තිබෙන කටාර් ගුවන් සේවයේ කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන ලෙසද නියෝගයක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කටාරය සමග තානාපති සබඳතා අත්හැරීමට අරාබි රටවල් ගත් තීරණයත් සමග ඊජිප්තුවද කටාරයේ ගුවන් යානාවලට සිය ගුවන් කලාපයට ඇතුලූවීම තහනම් කළා.

සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කටාර් රජය සමඟ රාජ්‍යත්‍රාන්තික සබදතා නවතා දැමීමට තීරණය කරනු ලැබුවේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම හේතුවෙන්.

Related posts

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

කොවිඩි 19 වෛරසය චීනයේ දී නිපදවූවක් බව ෆොක්ස් නිව්ස් පුවත් සේවය කියයි

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin