World

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන හමුදා විසින් මෙහෙයවනු ලබන දුරස්ථ පාලක ඩ්‍රෝන මගින් කළු මුහුද ආශ්‍රිතව ස්ථාපනය කර ඇති නාවික මධ්‍යස්ථානයකට පහරදුන් බව රුසියාව අද (04)දින ප්‍රකාශ කළේය.

එම මධ්‍යස්ථානය නොවොරෝස්සිස්ක් නම් ස්ථානයේ පිහිටා ඇති අතර ප්‍රහාරය හේතුවෙන් එහි නැංගුරම් දා තිබූ රුසියානු යුද නෞකාවකට හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

මේ අතර ඒ ආසන්නයේ පිහිටා ඇති වරායේ මෙහෙයුම් කටයුතු එම ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර ඇත.

එම වරාය ඔස්සේ ලෝක බොර තෙල් සැපයුමෙන් 2%ක් පමණ පාලනය වන අතර රුසියාව ධාන්‍ය නිෂ්පාදන අපනයනය සඳහා ද මෙම වරාය භාවිත කරයි.

පැය කිහිපයකට පසු එහි මෙහෙයුම් ආරම්භ කළ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන්නේ, මුහුදු ඩ්‍රෝන දෙකක් ඔවුන් විනාශ කළ බවය. නමුත් හානි සම්බන්ධයෙන් එහි සඳහන් කර නොමැත.

Related posts

ගාසා සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55ක් මිය ගිහින්

Admin

කැරිබියන් දූපත් අසල 7.7ක ප්‍රභල භූ කම්පනයක්… ඇමරිකාවට සුනාමි අනතුරු ඇගවේ !

colombotoday

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

colombotoday