Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේ ගල් පර්වත සමග පස්කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(10)සවස පහයි තිහට පමණ හපුතලේ දියතලාව අතර 155/ 27 කිලෝමීටර් කණුව ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධාවී පැවතුනි.

දුම්රිය මාර්ග කම්කරුවන් සහ යුද හමුදා සාමාජිකයින් පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අද දින උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටී.

Related posts

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday