Colombo Today Local News

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් අට දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට ඉන් රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කරයි.

Related posts

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

කල්මුනේ නගර බල ප්‍රදේශය දෙකඩ වෙයි… සයින්දමරුදුවට නව නගරසභාවක් !

colombotoday

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday

රූමස්සල සාමණේර හිමිනමකුත් අභිරහස් ලෙස අපවත්වෙයි

colombotoday

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday