Colombo Today Local News

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.

ඒ අනුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් තුනකින් මිල ගණන් කැඳවා ඇත.

එකී මිල ගණන් මත පදනම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Related posts

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday