Colombo Today Local News

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි.. නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගේ විරෝධය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, රටට ආයෝජන ගෙන ඒම ජාතික සම්පත් විකිණීමක් නොවන්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය වෙනුවෙන්, උඩුගම්පළ නගරයේ ඊයේ (23)දින පැවති මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුව කටයුතු නොකරන බවත්, එම ජනවරමට හානි වන කිසිදු තීන්දුවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා ‍හෝ ආණ්ඩුව නොගන්නා බවට ද අමාත්‍යවරයා එහිදී ජනතාව හමුවේ සහතික වෙමින් කියා සිටියේය.

රජය කවදාවත් දේශීය සම්පත් විකිණීමට ඉඩනොදෙන බවත්, රජයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් සුරැකීම මිස, විකිණීම නොවන හෙයින් වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ඉඩනොදෙන බවද, අමාත්‍යවරයෙකු ලෙස තමාද ඊට විරුද්ධ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

යහපාලන ආණ්ඩුව විසින් විකිණූ හම්බන්තොට වරාය නැවත පවරා ගන්න රජය කටයුතු කරගෙන යන බවත්, ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවිය යුතු බැවින් ඊට අදාළව ගත යුතු පියවර ගැනත් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයිද හෙතෙම කීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උපාධිධාරීන් 59,000කට රජය රැකියා ලබා දුන් බවත්, අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලාභී පවුල්වල අය ලක්ෂයකට රැකියා දෙන වැඩපිළිවෙලක් යටතේ ඉන් 40,000කට පමණ රැකියා දීමට රජයට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා කීය.

මේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනා විට,පිටරටවල ඉන්න අපේ රටවිරුවෝ ගෙන්වා ගන්නේ නැතැයි විපක්ෂය චෝදනා කළත්,මේ වනවිට 70,000කට වැඩිය විදේශ ශ්‍රමිකයන් ලංකාවටගෙන්වා ගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

ඩලස් – සජිත් හවුල පැරදුණේ ඇයි? – තරඟය තිබුනේ චීන පිළ හා ඉන්දීය පිළ අතර… පරාජය 2024 ට හොඳ පාඩමක්.

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday