Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට නොවන බව නානායක්කාර මහතා කීය.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්දව බරපතල ප්‍රකාශයක් චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටියේය.

Related posts

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

colombotoday

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

colombotoday

විශ්වාසදායි ආරංචි මාර්ගවලින් සුභ පණිවිඩයක් ලැබිලා.. | රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin