Colombo Today Local News

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් ත්‍රස්ත සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙන් කිසිඳු තොරතුරක් තමන් වෙත ලැබී නැතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ඇතැම් විට අමෙරිකානු රජය විසින් එය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට කළ දැනුම් දීමක් විය හැකි බවයි. කෙසේ වෙතත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවද ඔහු කියා සිටියේය.

රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සඳහා අයි එස් ත‍්‍රස්ත සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අද (02) වාර්තා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය වැළැක්වීමට කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අමෙරිකානු බලධාරීන් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ශ‍්‍රී ලංකාවේ කිසියම් පුද්ගලයෙකු අයි එස් සංවිධානය සමග සබඳතා පවත්වන බවට තොරතුරු ඇත්නම් ඒ පිළිබඳවද සොයා බලන ලෙසද අමෙරිකාව දන්වා ඇති බවයි එම වාර්තාව මගින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු රාජ්‍ය අංශ බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් දැනටමත් දිවයිනට පැමිණි ඇති බවත් අදාළ වාර්තා හෙළි කරනවා. අනතුරුදායක තත්ත්වය පිළිබඳ ඇති තොරතුරු නිසා තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් එහි වැඩි වේලාවක් රැඳී නොසිටින බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

Related posts

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

24 හැවිරිදි තරුණයෙක් තට්ටු 08කින් වැටී මිය යයි

Admin