Colombo Today Local News

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මස මුල කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

එහි සභාපතිවරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, කමිටුව අද(20)දින යළි රැස්වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය පියවා කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා යෝජනා කමිටුව මගින් සලකා බැලෙනු ඇති.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද කමිටුවට ඇතුළත් බව කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර මහතා පවසයි.

යෝජනා සකස් කිරීමේදි ඔවුන්ගේ අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනා ඇතුළත් අවසන් වාර්තාව ලබන මස අග කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.

Related posts

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මැයි මසදී මෙරටට

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

colombotoday