Colombo Today Local News

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක සරණාගත කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් වෙනුවෙන් ඉදිකළ නිවාස 1591ක් නිල වශයෙන් ඔවුන්ට භාර දීමේ නිල උත්සවය තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙල්ලෝර්හි මෙල්මොනාවුර් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරේදී පසුගියදා පැවැත්විණ.

මෙම නිවාස ඉන්දීය රුපියල් කෝටි 79.70 (ශ්‍රී ලංකා රුපියල් කොටි 300 ක් පමණ) ක වියදමින් ඉදිකර ඇත.

එම උත්සවයේදී වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා නිවාස 220 ක යතුරු ස්ටාලින් මහතා බාර දී තිබේ. වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ ඉදිකර ඇති නිවාස වලට පමණක් ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් වැයවී ඇතැයි ආරංචි මාර්ග පවසා ඇත.

ස්ටාලින් මහතා සරණාගත කඳවුරේ සිදුකළ සංචාරයේදී මෙම නිවාස හොඳින් නඩත්තු කිරීමට ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව දිරිමත් කර තිබේ. දිස්ත්‍රික්ක 2 ක් පුරාවට ඇති ශ්‍රී ලාංකික දෙමළ පුනුරුත්ථාපන කඳවුරු 104ක ගරා වැටුණු නිවාස වෙනුවෙන් නව නිවාස 7469ක් ඉදිකරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පසුගිය වසරේ නිවේදනය කළේය. නිවේදනය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 3510 ක් ඉදිකිරීම ආරම්භ කළ අතර ඉන් පළමු අදියර යටතේ නිවාස 1591 ඉදිකිරීම් අවසන් කළේය.

අනෙක් දිස්ත්‍රික්කවල ඇති සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට මෙම උත්සවයේදී තමිල්නාඩු මහ ඇමතිවරයා කටයුතු කරන ලදී.

Related posts

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

colombotoday

කොටින්ගේ ගුවන් පථ හයක් යළි බාර දී ඉවත් වෙන්නැයි හමුදාවට දැඩි බලපෑම් !!

colombotoday

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday