Colombo Today Local News

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

ජයශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කළ මොඩ් ගොවියා ගීතය ඇතුළු ජනප්‍රිය ගීත 20 ක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම හා අන්තර්ජාලය වෙත මුදා හැරීම ලබන 31 වැනිදා දක්වා වළක්වමින්, කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(17)දින වාරණ නියෝගයක් නිකුත් ක‌ළේ ය.

එම ගීත රචනා කර, තනු නිර්මාණය කළ ජයශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියාන් මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කර තිබූ නඩුවක් සළකා බැලූ විනිසුරුවරයා මෙම සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන දෙදෙනාට එම වාරණ නියෝගය නිකුත් කළේ ය.

තමන් ඇතුළු තිදෙනා විසින් එම සංගීත කණ්ඩායම ආරම්භ කළ බවත්, වගඋත්තරකරුවන් දෙදෙනා පමණක් මේ වනවිට එම ගීත ගායනා කිරීම මගින් තමන්ගේ සම කර්තෘ අයිතිය උල්ලංඝණය වී ඇති බවත්, පෙන්වා දෙමින් ගොනු කර තිබූ එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අයට ලබන 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

Related posts

වැලිපාර්ක් හන්දියේදී බස් රථයක් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී තාප්පයක් ත් ගැටෙයි… දෙදෙනෙක් මරු දකී

colombotoday

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday