Colombo Today Local News

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

මෙම වසරේ මුල් මාස අට තුළ පමණක් මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත හතලිස් දෙකක පමණ ගිනි ගැනීම් වාර්තා වී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කරන්නේ, එම ගිනි ගැනීම් හේතුවෙන් රක්ෂිතවල අක්කර සිය ගනනක්, වන සතුන් ඉපැරැණි ශාක සහ තෘණ භූමි ද විනාශ වී ඇති බවයි.

එසේම පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ කැලෑ ගිනි තැබීම් ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ද ඔහු සඳහන් කළා.

මෙම වසරේ බලපෑ දැඩි නියං කාලගුණය කැලෑ ගිනි ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුවක් වී ඇති බව ද සඳහන්.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම කැලෑ ගිනි ඇති වී ඇති අතර ඉදිරි කාලයේ දී හෝ මෙම ගිනිතැබීම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin