Colombo Today Local News

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට පසුගිය (15) දින අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ.

වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25) ගුණානුස්මරණ පිංකම 17ට යෙදී තිබූ අතර එයට සමගාමීව දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

ඒ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි වී ඇත.

එය ප්‍රදේශයේ තරුණයකු ඉරේෂාන් චතුරංග විසින් මිලට ගැනීමට කටයුතු කර ඇත.

විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව සංවිධානය කොට පැවතිණි.

Related posts

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin