World

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබේ.

ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ලෙසයි.

මෙවර හඳුන්වා දුන් iPhone 15 වල සුවිශේෂි වෙනස්කම් දක්නට නොමැති අතර එහි සිදුව ඇති විශාලතම වෙනස්කම ලෙස සැලකෙන්නේ, lightning charging port වෙනුවට USB-C charging port එකක් හඳුන්වාදීමයි.

විචාරකයින් පවසන්නේ, මෙය පාරිභෝගිකයින්ට ජීවිතය පහසු කිරීමටත්, මුදල් ඉතිරි කිරීමට සහ චාජර් නැවත භාවිත කිරීම දිරිමත් කිරීම මගින් විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමට උපකාර කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මීට යුරෝපා සංගමය ඇපල් සමාගමට සිදු කර තිබූ දැනුම්දීමට ප්‍රතිචාරයක් ලෙස සිදු කළ හඳුන්වාදීමක් ලෙසයි.

කෙසේ වෙතත්, ඇතැමුන් අනතුරු අඟවන්නේ මෙම පියවර ඉදිරි වසරවලදී ඉවතලන කේබල් ඉහළ යාමට හේතුවක් වනු ඇති බවයි.

ටයිටේනියම් ආවරණයකින් සමන්විත වර්ණ කිහිපයකින් යුත් ඇපල් සමාගමේ මෙම නවතම දුරකතන පෙළ දීප්තිමත් තිර සහ වැඩිදියුණු කළ කැමරාවලින් ද සමන්විත වේ.

ඇපල් සමාගම නිවේදනය කරන්නේ, iPhone 15 Pro එක්සත් රාජධානිය තුළ පවුම් 999 සිට ඉහළට මිල නියම වනු ඇති බවයි.

මේ අතර ඇපල් සමාගම වඩාත් දියුණු චිපයක් සහිත නව Apple Watch මාලාවක් ද මේ සමගම එළිදැක්වී ය.

Related posts

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday