World

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් තිබේ.

අද (07)දින අලුයම මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර ඇත.

පුද්ගලයින් 600 ක පමණ පිරිසකට පහසුකම් සහිත අදාළ බන්ධනාගාරයේ 2,000 ක පමණ පිරිසක් රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

colombotoday

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday