Colombo Today Local News

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රේන්ද ගේ සුඩෙශ්පි ය රන්ජන ප්‍රනාන්දු නමැති හතළිස් තුන් හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ(7) රාත්‍රී ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී සැකකාර තීරෝද රථ රියැදුරු එම ස්ථානයට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තුවාල ලද පුද්ගලයා ඥාතීන් විසින් කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයා ගේ බිරිද සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බව සැක කරන බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday