Colombo Today Local News

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මෙරට උත්තරීතර නීතිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවයි ජනාධිපතිවරයා පවසයි.

ඒ, පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එමෙන්ම විපක්ෂය, රජය ගන්නා සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු අතර අදාළ තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වාදුනි.

Related posts

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

ගුරුවරිය 16 සිසුවා 60වතාවක් හෝටලයට රැගෙන ගිහින්… පාසලේ තැන තැන අපයෝජනය වෙලා

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday