World

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විශ්වාස කෙරෙන බව එරට බලධාරීන් පවසයි.

ටියුනීසියාවේ Sfax වරාය නගරයෙන් පිටත් වූ මෙම බෝට්ටු දෙකෙන් එකක පුද්ගලයන් 48ක් සහ අනෙක් බෝට්ටුවේ මගීන් 42ක් සිටි බවද විදෙස් මාධ්‍ය පවසයි.

කාන්තාවකගේ සහ ඇගේ අවුරුද්දක් වයසැති බිලිඳාගේ සිරුරු සොයාගෙන ඇති බව ඉතාලි වෙරළාරක්ෂක භටයන් සඳහන් කරයි.

කෙසේවෙතත් ටියුනීසියානු නිලධාරීන් පවසා ඇත්තේ සංක්‍රමණිකයන් 10 දෙනෙකුගේ සිරුරු Sfax අසල වෙරළක තිබී සොයාගත් බවයි.

ඉතාලි බලධාරීන් සඳහන් කරන්නේ, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

ලැම්පෙඩුසා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 23 ක් පමණ දුරින් යාත්‍රා ගිලී ගිය විට සංක්‍රමණිකයන් 57 දෙනෙකු බේරා ගත් බව ඉතාලියේ වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin