Colombo Today Local NewsWorld

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන T20 තරගයේ අසේල ගුණරත්න කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් දකුණු අප්‍රිකා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් තම සතුට ලොවට පෙන්වුයේ තම ජාතික කණ්ඩායමේ ටීෂර්ටය ඔසවා තමන් යටට ඇදසිටි ටීෂර්ටය ප්‍රේක්‍ෂකයන්ට පෙන්වමිනි.

ඔහු එලෙස පෙන්වූ ඇදුමේ ජුනයිඩ් ජම්ශේඩ් නම් පකිස්තාන් ජාතික වීරයාගේ රුව සටහන් වී තිබිණි.ජම්ශේඩ් කාලයක් ලෝකයේ සිටි බලවත්ම මුස්ලිම් ජාතිකයන් අතරටද ඇතුළු වූ පුද්ගලයෙකු වන අතර,ඔහු කලා කරුවකු ලෙස ලබාගත් ජනප්‍රියත්වය තම ජාතිය ලොවට ගෙනයමින් මුස්ලිම් ආධ්‍යත්මික නායකයෙකු තරමටම පිළිගැනීමක් තිබු පුද්ගලයෙකි.

කෙසේ නමුත් ICC නීති රීති වලට අනුව ජාතියක්,ආගමක් ප්‍රවර්දනය කරන කිසිදු කටයුත්තක් තරගයක් අතර තුර සිදු කිරීම ක්‍රිකට් ක්‍රීඩකයන්ට තහනම් වන නිසා තහීර්ගේ මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස අවවාද කර ඇත.

Related posts

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday