World

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර තිබේ.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

ඒ අනුව, Alphabet සමාගම තීරණය කර ඇත්තේ වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමටයි.

2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රීය ගිණුම් මෙලෙස ඉවත්කිරීමට පියවර ගන්නා බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

විවිධ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සහ ආරක්ෂක හේතුන් සැළකිල්ලට ගනිමින් ගූගල් සමාගම මෙම තීරණය ගෙන ඇත.

මෙම තීරණයත් සමග Gmail, Google Drive, Google Workspace, Google Photos සහ ගූගල් ගිණුම් හරහා YouTube වෙත එක්කර ඇති වීඩියෝවන්ද ඉවත්ව යනු ඇති.

එම සමාගම වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ මෙම තීරණය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාළ වන බවත් ව්‍යාපාර සහ සංවිධාන සඳහා අදාළ නොවන බවත්ය.

මේ වනවිටත් මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ ගූගල් ගිණුම් වෙත දැනුම්දීම ආරම්භ කර ඇත.

Related posts

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000 ඉක්මවයි

colombotoday

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

colombotoday