World

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇති බව අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිවේදනය කර තිබේ.

අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂිය. මොහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනය විය.

එම ඝාතනය කළේ තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත. සිරියානු තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් පළාත් රැසක තුර්කි හමුදාව මෙහෙයුම් සිදු කරයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තහ්රීර් අල් ෂාමාන් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් බවය.

හයාත් තහ්රීර් අල් ෂාමාන් යනු තුර්කි හමුදාවට හිතවත් සන්නද්ධ කණ්ඩායමකි.

Related posts

ලොව ධනවත්ම යාචකයා

Admin

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයි

Admin

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday