World

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයි

මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ ගොඩ ගසා තිබූ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කෙරෙන කොටස් හමු වූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

මුහුදු අභ්‍යන්තරයේදී පුපුරා ගිය බවට සැක කෙරෙන ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කිහිපයක් කැනඩාවේ සාන්ත ජෝන් වෙරළ ප්‍රදේශයට ගෙනවිත් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් අතරින් හමු වූ දේහ කොටස් අමෙරිකාවට රැගෙන ඒමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරයි.

බලධාරීන් සඳහන් කරන්නේ, ටයිටන් සබ්මැරීනට කුමක් සිදුවූයේ ද යන්න තවමත් අවිනිශ්චිත බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා පුළුල් විමර්ශන සිදු කරන බවයි.

පසුගිය සතියේ මෙම ටයිටන් සබ්මැරීනය අනතුරට ලක් වුයේ පුද්ගලයින් 5දෙනෙකු සමග අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වී තිබෙන ටයිටැනික් නෞකාවේ නටඹුන් නැරඹීමට ගිය අවස්ථාවේදීයි.

Related posts

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday