Colombo Today Local News

බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලා

සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් සිටීනු දුටු බිරියගේ සැමියා අද(2) උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

බිරිඳ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය අද සේවයට යාමට උදැසන නිවසින් පිටත්ව ගොස් අනියම් සැමියා සමග හොරණ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ ත්‍රිරෝද රථයක සිට ඇති බවට සැකකරුගේ ප්‍රකාශ අනුව පෙනීයන බව පොලිසිය කියයි.

සැකකරු පැමිණෙන දුටු අනියම් පෙම් යුවල ත්‍රීරෝද රථයද මහමග දමා දිව ගොස් ඇති බවත්, එහිදී උරණවූ සැකකරු ත්‍රීරෝද රථයට ගිනිතබා මුළුමනින්ම විනශකර ඇති බවත් පොලිසිය පවසයි.

Related posts

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතකයින් සොයා විමර්ශන

colombotoday

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday