Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් මහතා පවසයි.

එසේම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී පැවසු බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

ට්‍රිලියන 10ක් විදෙස් ණය අරන්.. ඒත් රජයේ වත්කම් තියන්නේ ට්‍රිලියන 01යි.. ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නෑ

colombotoday