Colombo Today Local News

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

poloice-commision

පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කියයි.

පලායන වාහනය ගැන ඊළඟ පොලිස් මුරපොළට හෝ පොලිසියට දැනුම් දීම හෝ ඔවුන් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගත හැකි බවද පවසයි. පොලිසිය යම් රථයක් නවත්වන ලෙසට අණ කළ අවස්ථාවක ඊට අවනත වී නිසි ලෙස කරුණු දැක්වීම සෑම පුරවැසියකුගේම වගකීමක් බවද ඒ මහතා කීයයි.

යාපනයේ වෙඩි තැබීමෙන් සිසුහු දෙදෙනෙකු මිය යෑම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු පරීක්ෂණයක් අධීක්ෂණය කිරීමට සහ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා මහජන පැමිණිලි අංශයේ අතිරේක අධ්‍යක්ෂක ආනන්ද විජේසුරිය මහතා යාපනයට ගොස් ඇති බවද ලේකම් පවසයි.

 

Related posts

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin