Colombo Today Local News

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

20 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

‘පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපක් කල විසිවන සංශෝධනය අභියෝගයට ලක්කරමින් අද අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකලා. අපි තමයි මේ සම්බන්දයෙන් පෙත්සමක් ගොනුකල පලවෙනි පාර්ෂවය. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමන් සහ නීතිඥ භූපති කහතුඩුව මැතිතුමන් මේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න නියමිතයි.

අපේ මේ පෙත්සමේ පදනම වුයේ ඉතා පැහැදිලිවම මේ ආණ්ඩුව වසර දෙක හමාරක් තිස්සේ පුංචි ඡන්දය කල් දමලා මේ අයගේ ඡන්ද භීතිකාව නිසා පළාත් සභා මැතිවරණයද කල් තැබීමට අළුත් නිදහසට කාරණයක් හොයාගෙන තිබෙනවා. පුංචි ඡන්දය සීමා නිර්ණය ගැන කියමින් කල් දැම්මා. දැන් සීමා නිර්ණය අවසන් වෙලත් මාස හයක් වෙනවා. නමුත් ඡන්දය නැ.

පලාත් සභා ඡන්දය ලබන මාසය වන විට සබරගමුව උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභාවල පැවැත්වීමට නියමිතයි. මැතිවරණයෙන් ආණ්ඩුවට අත්වන පරාජය කල් දමා ගැනීමේ අරමුණින් පළාත්සභා මැතිවරණ එකම දිනක පවත්වන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමනවානම් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ගතයුතුයි කියලා වගන්තියක් තියෙනවා 82 වන වගන්තිය විදිහට. එහි පළාත්සභා මැතිවරණය ගැන සදහනක් නෑ. නමුත් ජනතාව සිය පරමාධිපත්‍ය පාවිච්චි කරන්නේ ඡන්දය හරහායි. ඒ නිසා ඡන්දයට බලපාන දෙයක් සිදුවේනම් එය ජනමත විචාරණයකදී ජනතාවගෙන් විමසිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියෙන් කියවෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා අනිවාර්යෙන්ම ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමැතිය ලබාදිය යුතුයි කියන එකයි.

මේ දිනවල ජනතාව සැදි පැහැදී ඉන්නේ මේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරන හයපාලනය වෙනුවට යමපාලනය ගෙනා තමන්ගේ කලකිරීම හා කේන්තිය ප්‍රකාෂයට පත්කරන්න. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කරගැනීම තුලින් එය ආණ්ඩුවේ ගමන්මග පිළිබද ජනමත විචාරණයක් වේවි.

අනික් පැත්තෙන් ගත්තත් මේ ගෙනා සංශෝධනය ප්‍රයෝගිකත්වයෙන් තොරයි. මොකද පළාත්සභා නමයේම ඡන්ද නියමිත දිනයක එකවර 2019 පැවැත්තුවා කියලා අපි මොහොතකට හිතමු. නමුත් ඒ පත්වෙන පළාත්සභාවේ මහ ඇමතිවරයා එය විසිරුවා හරින්න පුළුවන් කියලා ඕනෑම අවස්ථාවක ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒ නිසා පළාත්සභාවල ප්‍රායෝගික පැවැත්ම දැඩි අර්බුදයකට මේ නිසා ලක්වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිම තීරණය කරන්නේ ජනපතිවරයා. පළාත්පාලන ඡන්දය පලාත්පාලන අමාත්‍යවරයා තීරණය කරනවා. නමුත් පළාත් සභා නමයේ මැතිවරණය තීරණය කරන්නේ ආණ්ඩුකාර වරයා සහ මහ ඇමතිවරයා. නමුත් මේය හරහා එය එම පලාත්සභාව සතු බලය නැවත මධ්‍යම ආණ්ඩුවට උදුරා ගැනෙන නිසා එය හරහා පළාත් සභා වල පැවැත්ම ගැන බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙනවා.

මේ දේශපාලන කාරණයත් ව්‍යවස්ථාමය කාරණයත් යන දෙකම සලකා බලලා අපි මේ සංශෝධනයට විරුද්ධයි. ඒ නිසා අපි මේක ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්න බෑ කියන නියෝගය ශ්‍රේෂ්ඨාධිකරනයෙන් බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

[fbvideo link=”https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10155633592374253/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday