Colombo Today Local News

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

ජනතාවට සහන ලබාදීම ඉහළ නැංවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණු බව ජනාධිපති ආර්ථික හා මුල්‍ය කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඊට අදාළ යෝජනා ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

ජනතාවට ලබාදෙන සහන ඉහල නැංවීමට රජයේ මූලික අරමුණ බවත් හෙතෙම කියා සිටී.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරද්දි පැහැදිලි කරමින් සිටියා අපේ රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනයට හරවන්න නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන දේ අරන් දෙන්න ඕනේ.

ගොවියාට පොහොර ටික ලැබෙන්න ඕනේ. ධීවරයාට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න යන්න පුළුවන් සහන ටික ලැබෙන්න ඕනේ. අන්න ඒ පරමාර්ථයෙන් අපි සහන වැඩි කරනවා කියන එකට ඇත්තටම මූල්‍ය අරමුදලත් විරුද්ධ වුණේ නෑ.

එගොල්ලන් කිව්වේ ඔබගේ වැඩසටහන් අරගෙන එන්න, ඉදිරිපත් කරන්න. මුදල් සොයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සම්බන්ධවෙලා ඉන්න තවත් ආයතන තියෙනවා. ඒ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව තවත් ආයතන.

අපි වේගයෙන් උත්සාහ කරනවා ක්ෂණිකව ආධාර සහන ලබා දෙන ගමන්ම ඒ ජනතාව සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධකර ගන්න.”

Related posts

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin