Colombo Today Local News

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

unp-tna-arjunමහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින් සකස්‌ කරන විකල්ප වාර්තාවට එම කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය ලබා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටී.

අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර ගනුදෙනුවට වරදකරු බව පවසමින් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සකස්‌ කළ වාර්තාවට මේ වන විටත් එහි ජවිපෙ සාමාජිකයන් සහ ආණ්‌ඩුවේ සිටින එජනිස සාමාජිකයන් දසදෙනකු අත්සන් තබා ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේ එජාප සාමාජිකයෝ එකොළොස්‌ දෙනෙක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිව්දෙනෙක්‌ද සිටිති.

මහේන්ද්‍රන් මහතා නිදොස්‌ කරමින් එජාපය සකස්‌ කරන වාර්තාවට ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේද එකඟත්වය ලබා ගැනීම සඳහා එජාපය මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව ඉහත කෝප් කමිටු සාමාජිකයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව පෙරේදා රාත්‍රියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයිද ඊට අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයිද ඉහත සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday