Colombo Today Local Newsextremism & terrorism activities

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

නීතිඥ සංගමයේ හි සාමාජිකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් 2020 අපේ‍්‍රල් 24 වනදා නීතිඥ සංගමයේ සභාපති වෙත යවන ලද ලිපියක් පිළිබඳව අවධානය යොමු කර ඇති නීතිඥවරුන් එම ලිපියට අත්සන් තබා ඇති පුද්ගලයන් කිහිප දෙනෙකු BASL හි සාමාජිකයන් නොවන බවත්, රටේ යහපතට නොගැලපෙන ඇතැම් දේශපාලන හා වෙනත් න්‍යායපත්‍ර වලට පෙනීසිටින පුද්ගලයන් බව ත් පෙන්වා දී ඇත.

නීතිඥවරුන් විසින් කරුණු 22 ක් කෙරෙහි අවධානය යොමු කර ඇත. එම ලිපිය මෙසේයි….

ජනාධිපති නීතිඥවරුන් 7 දෙනෙකු ඇතුළු ස්වාධීන නීතිඥවරුන් 216 දෙනෙකු විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මැයි 1 දින ලිපියක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වී ඇති ආකාරය පිළිබඳ ඔවුන් එහිදී ප්‍රශ්න කර ඇති අතර ඔවුන් කියා සිටින්නේ එවැනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වැදගත් ගැටළුවකදී මෙවැනි මැදිහත් වීමක් සිදුකිරීම හරහා නීතිඥ සංගමයේ කීර්ති නාමයට හානිවිය හැකි බවයි.

කරුණු 22ක් යටතේ නීතිඥ සංගමය විසින් සිදුකළ මැදිහත් වීම ප්‍රශ්න කර ඇති එම ලිපියේ අඩංගු කරුණු මෙසේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් 2020 අප්‍රේල් 15 දිනැතිව පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින්, සංගමයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධ යම් යම් කරුණු මතු කර ඇති බවත් එලෙස අත්අඩංගුවට පත්ව ඇති හිජාස් හිස්බුල්ලා විසින් ඔහුගේ වෘත්තීය වපසරිය තුළ සිදුකළ කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිඥ සංගමය විසින් නිකුත් කළ ලිපියේ සඳහන් කර ඇති බව මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අදාළ අත්අඩංගුවට ගැනීම නීතිඥවරයෙකු ලෙස කළ කටයුත්තක් සම්බන්ධයෙන් නොවන බවත් ඒ සඳහා වූ හේතු මොනවාද යන්නත් පොලීසිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දීමට කටයුතු කර ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබී ඇති බවද එම ලිපිය මගින් ඔවුන් කියා සිටී.

සමස්ත නීති ප්‍රජාවේ මෙන්ම තනි සාමාජිකයින්ගේ ද අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට හා ඉදිරියට ගෙනයාමට නීතිඥ සංගමය කටයුතු කිරීම අගය කළ යුතු බව පවසන ඔවුන් කියා සිටින්නේ එවැනි මැදිහත්වීම් කළ යුත්තේ නීතිය මගින් පනවා ඇති සීමාවලට අනුකූලව පමණක් බව අවධාරණය කර තිබේ.

එසේ නොවුවහොත්, නීතිඥ සංගමය කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසනීයත්ව සහ පැහැදීම සම්බන්ධයෙන් බරපතල ගැටළු ඇති විය හැකි බව ඔවුන් නීතිඥ සංගමය වෙත පෙන්වා දෙයි. එමගින් නීතිඥ සංගමයට ඇති කීර්තිනාමයට සහ තත්වයට කැලලක් වනු ඇතැයිද ඔවුන් කියා සිටී.

එසේම සංගමය විසින් නිකුත් කළ ලිපියට පදනම් වූ කරුණු, වැරදි වැටහීම, වැරදි පර්යේෂණ හා වැරදි උපදෙස් මත පදනම් වී තිබිය හැකි බව ද පෙනී යන්නේ සංගමයේ හි සාමාජිකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් 2020 අපේ‍්‍රල් 24 දිනැතිව සංගමය වෙත එවන ලද ලිපියක් සඳහා විශාල ප‍්‍රචාරයක් ලබා දෙමින් සිටින හෙයින් බවද ඔවුන් පෙන්වා දෙයි. අප්‍රේල් 24 දිනැති අදාළ ලිපිය යොමු කළ අයගේ අත්සනක් හෝ සාමාජික අංක නොමැතිව අදාළ ලිපිය යොමු කර තිබීම සම්බන්ධයෙන්ද සිහිපත් කරන නීතිඥවරුන් 216 දෙනා සැක පළ කරන්නේ අදාළ පුද්ගලයින් සංගමයේ සාමාජිකයින්ද යන්න පවා ගැටළු සහගත බවයි.

එසේම අදාළ අප්‍රේල් 24 දිනැති ලිපිය යොමුකර ඇති කිහිප දෙනෙකු නීතිඥ සංගමයේ සාමාජිකයින් නොවන බවත්, රටේ යහපතට අනුකූල නොවන දේශපාලන හා වෙනත් න්‍යායපත්‍ර මත ක්‍රියාත්මක වන පිරිසක් බවත් ඔවුන් තරයේ විශ්වාස කරන බවද එම ලිපිය මගින් දන්වා තිබෙනවා.

එබැවින් අප්‍රේල් 24 දිනැති ලිපියේ කරුණු සම්බන්ධයෙන් සැළකීමට පෙර එම ලිපිය යොමු කළ අය සංගමයේ සාමාජිකයින් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කරගන්නා ලෙසද ස්වාධීන නීතිඥවරුන් පිරිස නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම අදාළ ලිපිය මගින් නීතිඥ සංගමයේ සාමාජිකයින් වන නීතිඥවරුන් 216 දෙනා කරුණු 22ක් සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අතර,

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරයා හෝ පවුලේ සාමාජිකයෙකු හෝ මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නීතිඥ සංගමය වෙතින් කිසිදු ඉල්ලීමක් කර නැති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාව ඉස්මතු කිරීමට උත්සාහ කරන “ඊනියා සිවිල් සංවිධාන සාමාජිකයන්” විසින් එම ලිපියට අමුණා ඇති ප්‍රකාශය, කිසිදු ආකාරයක සතුටුදායක සාක්ෂි හෝ තොරතුරු අඩංගු නොවන අතර, එම තොරතුරු අනුව නීතිඥ සංගමය ලෙස අදාළ සිදුවීමට මැදිහත් වීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැතැයිද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

පොලීසිය මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ද නිල වශයෙන් මෙන්ම මාධ්‍ය හමුවකදී ද පැහැදිලිව දක්වා ඇති පරිදි අදාළ නීතිඥවරයා අන්තවාදී හෝ අන්තවාදය සම්බන්ධ ක්‍රියාවන්ට මැදිහත්වීම පිළිබඳ පැහැදිලි සාක්ෂි ඇති බව මේ වන විට සාමාන්‍ය මහජනයා දන්නා කරුණක් බවද ලිපිය මගින් පෙන්වා දෙයි.

එසේම අදාළ නීතිඥවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හේතුව, 2019 අපේ‍්‍රල් 21 වන දින පාස්කු ඉරිදා ත‍ස්තවාදී කි‍්‍රයාකාරකම් හා සම්බන්ධ බව රහස් පොලිසිය විසින් නීතිඥ සංගමය වෙතද ලිඛිතව දන්වා ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

එසේම දෙවන ප්‍රහාරක් සම්බන්ධයෙන් වූ සැලසුමක් සම්බන්ධයෙන්ද මෑතකදී හෙළිදරව් වී ඇති බවත් මෙම අත්අඩංගුවට ඒ හා සම්බන්ධ සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් විශාල පිරිසක් අතුරින් එක් සිදුවීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම මෙවැනි ආකාරයෙන් ජාතික ආරක්ෂාවට සංවේදී ස්වභාවයක් ඇති සිදුවීම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්මට බරපතල ලෙස බලපානු ඇති අතර පුද්ගලයින්ගේ තරාතිරම නොසලකා සෑම විටම ජාතික ආරක්ෂාව පළමු තැනට පැමිණිය යුතු බවද ඔවුන් අවධාරණය කර තිබේ.

එසේම විමර්ශන ක්‍රියාවලියට හෝ විමර්ශන නිලධාරීන්ට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමට හෝ බලපෑම් කිරීමට කටයුතු නොකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම පාස්කු සිදුවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු වලදී නීතිඥ සංගමයද ප්‍රමුඛ කාර්යභාර්යක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවක පෙත්සම්කරුවෙකු බවට පත් වූ විට ඊට සැවොම සතුටට පත්වූ බවද සිහි කරන ස්වාධීන නීතිඥවරුන් පෙන්වා දෙන්නේ ඒ අතර හිටපු ජනාධිපතිවරයෙකු, හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට සහ අමාත්‍ය මණ්ඩලයට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව අදාළ පෙත්සම ගොනු කර ඇති බවයි.

එසේම එම පෙත්සම මගින් නීතිඥ සංගමය හා අනෙකුත් පෙත්සම්කරුවන් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණක් වී ඇත්තේ සාක්ෂි ඇති විට නිසි පරීක්ෂණ සහ පසු විපරම් ක්‍රියාමාර්ග නොගැනීම ය. ඒ අනුව, මෙම සිදුවීමට නීතිඥ සංගමය මැදිහත් වීම හෝ මැදිහත් වීම දැකීම බලාපොරොත්තු විය නොහැකි දෙයක් බවද ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එසේම අදාළ නීතිඥවරයා සම්බන්ධ කාරණය සරල ආකාරයකින් බැලිය නොහැකි බවත් එය නීතිඥයෙකුගේ සරල ප්‍රශ්නයක් නොවන බවත් එය ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කර, ප්‍රශ්න කිරීම් සිදුකිරීමටත්, ලැබෙන සාක්ෂිත මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමටත් සිදුවිය හැකි අතර එය සාක්ෂි වල ප්‍රමාණය හා සැක සහිත මැදිහත්වීම යන කරුණු මත පදනම්ව විය යුතු බවත් සැකකරු මාර්ග අතුගාන්නෙකු ද හෝ නීතිඥයෙකු ද හෝ වෛද්‍යවරයකු ද හෝ දේශපාලනඥයෙකු ද යන්න සැළකීම අදාළ නොවන බව ඔවුන් කියා සිටී. එය මේ රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ හැකි එකම ක්‍රමය බවද ඔවුන් අවධාරණය කර තිබේ.

එසේම ස්වාධීන නීතිඥවරුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අවධාරණය කළ යුත්තේ, සියලු සැකකරුවන්ට එක හා සමාන වන සමාන අයිතිවාසිකම් මෙන්ම කළ නොහැකි දෑ ඇති බවයි.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති හොඳ හෝ නරක පිළිබඳව විවාද කිරීමට අදහස් නොකරන බව පවසන නීතිඥවරුන් අවධාරණය කරන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති රැඳවුම් නියෝගයකට අනුව අදාළ නීතිඥවරයා රඳවාගෙන ඇති බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදට ඇති, වලංගු සහ බලාත්මක නීතිය බවයි.

එසේම තවත් සැකකරුවන් සිය ගණනක් සිටයදී එක් සැකකරුවෙකුට විශේෂ සැළකීමක් දැක්වීම තුළින් ආරක්ෂාව උල්ලංඝනය කිරීම් පමණක් නොව අනෙක් සැකකරුවන්ට අසමාන ලෙස සැලකීම පිළිබඳ චෝදනාවන්ට ද හේතු විය හැකි බව නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරුන් අවධාරණය කර සිටිනවා.

එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම සිදුවීමට මැදිහත් නොවී නිදහස් හා සාධාරණ විමර්ශනයක් සිදුකිරීම සඳහා අදාළ විමර්ශන කණ්ඩායම්වලට සහයෝගය සහ අවස්ථාව ලබා දිය යුතු බවද ස්වාධීන නීතිඥවරුන් අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත.

Related posts

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

හිටපු ජනපති මහින්දගේ උපන් දිනය දා නව පක්ෂය බිහිවෙයි ! නව සාමාජිකයන් දස ලක්ෂයක් සමග අලුත් ගමනක්

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday