Colombo Today Local News

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සිදුවන ක්‍රියාදාමය පිළිබඳව පැහැදිලි කිරීමට අද ජනාධිපති මාධ්‍ය ඒකකයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බවයි.

මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති බැඳුම්කර හා ETF / EPF ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගකරණයට ලක් කරන බව, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කෙළ් ය.

මේ යටතේ මෙතෙක් නිකුත් කර ඇති සියලුම බැඳුම්කර නව පොලී අනුපාතිකයන් යටතේ යළි නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

අලුතින් නිකුත් කෙරෙන බැඳුම්කරවලට 2025 දක්වා 12% ක පොලී අනුපාතිකයක් ගෙවන අතර, ඉන් පසුව 9% ක පොලි අනුපාතිකයක් ලබාදෙන බව ද, මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ ය.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් ETF / EPF අරමුදල්වල සාමාජිකයෙකුට මුදල් ලබාගැනීමට ගැටලුවක් ඇති නොවන බව ද, මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

Related posts

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේ

colombotoday

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin