Colombo Today Local News

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් උද්ඝෝණයක නිරත වී තිබේ.

වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සිදුකළ ප්‍රකාශයකට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඔහුට තර්ජනය කර ඇති බව උද්ඝෝෂණයේ නිරත පිරිස් චෝදනා කළේය.

අදාළ සිද්ධිය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හෙළාදැකිය යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වු එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ධජය පුළුස්සමින් විරෝධතාවයේ නිරත වී ඇත.

සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් ඇතුළු ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද වයිකෝගේ ප‍්‍රකාශයන්ට සමුළුව තුලදී මෙන්ම ඉන් පිටතදීද දැඩි විරෝධය දැක්වූහ.

Related posts

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජාතිවාදියිලු.. තහනම් කරන්නලු!

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday