Colombo Today Local News

සූර් වෙලා පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට

බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා ඔවුන් පරීක්ෂාකර බලා බීමතින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කෙසෙල් වත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසල මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පුද්ගලයකුට තවත් පුද්ගලයන් තිදෙනකු පහර දෙමින්කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වහා එහි ගොස් පහර කෑම්වලට ලක්ව සිටි පුද්ගලයා මුදාගෙන ඔහුට පහර දුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

colombotoday

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday