Colombo Today Local News

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව නව අගවිනිසුරු නලින් පෙරේරා පවසයි.

නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද(22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවති අතර එහිදී ඔහු මේ බව සඳහන්කර සිටියේය.

උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ මෙම පිළිගැනීමේ උත්සවය පැවති අතර එහිදී නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ .ආර්. ද සිල්වා කතා පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව සිය දේශනය සිදුකළ නව අගවිනිසුරු නලින් පෙරේරා වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය සහ ගරුත්වය තහවුරු වීමට නම් එහි අපක්ෂපාතී භාවය තහවුරු කිරිම ඉතා වැදගත් බවත් ජනතාව ද අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි වඩාත් අවධානයකින් පසුවිය යුතු බවත්ය.

එමෙන්ම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පවතින මහජන මැසිවිලි අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටි අගවිනිසුරුවරයා එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ප්‍රකාශ කර ඇත.

තම කතාව අතරතුර දී කිහිප වතාවක්ම බයිබලයේ අන්තර්ගත ප්‍රකාශ උපුටා දක්වමින්, අදහස් පලකල අගවිනිසුරු නලින් පෙරේරා මහතා අධිකරණ ක්ෂේත්‍රයේ පහල මට්ටමක සිට ඉහළ දක්වා සියලුම ආකාරයේ තනතුරු දැරූ තමා වැනි පුද්ගලයෙකු අගවිනිසුරුධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරන බවද පවසා ඇත.

මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගි වී සිටියහ.

මෙම උත්සවය සඳහා ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

colombotoday

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday