Colombo Today Local News

මීතොටමුල්ල කුණු කන්ද නිසා හෙළ උරුමය – අගරදගුරු පැටලෙයි

මීතොටමුල්ලේ කුණු කන්ද සම්බන්දයෙන් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් විසින් කරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වන බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ බලවත් කනස්සල ප්‍රකාශ කරමු.

මීතොටුමුල්ලේ කසල කන්ද පසුගිය අප්‍රේල් 14 වනදා නායගොස් ජීවිත හා දේපල විනාශ වීමෙන් කනගාටුදායක පුවතත් සමඟ කැලි කසල සම්බන්ධයෙන් වාද විවාද අපවාද චෝදනා දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන්ගෙන් නැගෙමින් පවතී.බස්නාහිර මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය ඇතුළු ප්‍රශ්නයට සෘජුවම වගකිවයුත්තන් තම වගකීම ඉටුකරනු වෙනුවට වෙනත් අයට චෝදනා කරමින් තම ඇඟ බේරා ගැනීමේ නිර්ලජ්ජි උත්සාහයක නිරත වෙමින් සිටී.ඇතැම් ජනමාධ්‍යයද බොරදියේ මාළු බෑමට මේ අවස්ථාව කරගැනීමට උත්සහ කළේ පිළිකුල් සහගත අයුරිනි.

ලංකාවේ නීතිය අනුව ඝණ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වගකීම භාරව ඇත්තේ පළාත් පාලන අයතනවලටය. පළාත් පාලන අයතන පවතින්නේ පළාත් පාලන අමාත්‍යංශය යටතේය. මේ සදහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දිමට පරිසර අමාත්‍යංශ යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියද ඒ ඒ පළාත් සභාවට අයත්ව ඇති ඝණ අපද්‍රව්‍ය අධිකාරින් ද පිහිටා ඇත. එම ආයතනවලින් මෙම ප්‍රශ්නය නිසි පරිදි ඉටු නොවිමෙන් සමාජ ආර්ථික සෞඛ්‍ය හා පාරිසරික ගැටළු රාශියක් වර්තමානය තුළ ගොඩ නැගි ඇත.

මෙම ඝණ අපද්‍රව්‍ය ගැටළුව ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක වල ට වඩා කොළඹ නාගරික ප්‍රදේශවල වඩාත් බරපතලය. විශේෂයෙන්ම කොළඹ නගරය ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශ ලංකාවේ සෙසු ප්‍රදේශවලට වඩා ජනගනත්වය වැඩිය.එසේම අමාත්‍යංශ හා ඊට අනුබද්ධ ආයතනද පිහිටා ඇත්තේ කොළඹ නගරය හා තදාසන්න නගරවලය එසේම පෞද්ගිලික අංශයේ හා රාජ්‍ය අංශයේ කර්මාන්ත හා විවිධ ආයතන විශාල ප්‍රමාණයක්ද පිහිටා ඇත්තේද කොළඹ හා ඊට ආසන්න නගරවලය. එම නිසාම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබාගැනීම සඳහා මිළියන ගණනක ජනතාව කොළඹට දිනපතාම ඇදී එති. මෙම සියළු සාධක විසින් කොළඹ නගරය තුළ දෛනිකව ටොන් 700කට ආසන්න කැලි කසල ප්‍රමාණයක් ඒකරාශී වේ. මීතොටුමුල්ලට හා කොලොන්නාවට වසර ගණනාවක් තිස්සේ එකතුවන්නේ මෙලෙස කොළඹ නගරය තුළ රැස්වන කසලය. බොහෝ කලක් මුළුල්ලේම දේශපාලන අධිකාරියට හෝ පළාත් පාලන ආයතන වලට කසල සම්බන්ධව විධිමත් මෙන්ම දීර්ඝ කාලීන සැලැස්මක් නොතිබිණ.

මීට සංයුක්ත වු විධිමත් මෙන් විද්‍යාත්මක සැලසුමක් පළමු වරට හඳුන්වාදී ක්‍රියාත්මක කරන ලද්දේ 2007 වසරේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය භාරගත් චම්පික රණවක අමාත්‍යවරයාය.

පරිසර අමාත්‍යංශයට අයත් නොවන විෂයයක් වු එය එතුමා සිය කැමැත්තෙන්ම එම වගකීම භාරගත්තේ ඊට නිසි විසඳුමක් ලබාදීමේ අටියෙනි. ඒ අනුව පරිසර අධිකාරිය යටතේ පිළිසරු නමින් ව්‍යාපෘතියක් අරඹා රටට බරක්ව පැවති කැලිකසල සම්පතක් බවට පත්කරගන්නට එතුමා ක්‍රියා කළේය.

කැලි කසල ප්‍රතිචක්‍රීය කරණය කිරීම සඳහා ආයතන 74ක් එතුමා පරිසර අමාත්‍යවරයා ලෙස ක්‍රියාකළ වසර 3ක තරම් කෙටිකාලය තුළ ආරම්භ කරන්නට යෙදුනි.ඒයට සමගාමීව ප්ලාස්ටික,පොළිතින් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය සඳහා විධිමත් සැලස්මක් සකස් කොට ක්‍රියාකලේ එතුමාය. දිරන අපද්‍රවලින් කාබනික පොහොර සකසා ගොවියන් වෙත බෙදාදෙන ලදී. මෙලෙස කැලි කසල සම්බන්ධයෙන් පුළුල් මෙන්ම විධිමත් සැලස්මක් සකස් කොට ක්‍රියා කලේ එතුමාමය.වසර 10ක් තුළ කැලිකසල ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීම එතුමාගේ සැලැස්මේ ඉල්ලක්කය විය.

මෙබඳු කරුණු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඇතැම් දේශපාලනඥයන්ද ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ආගමික නායකයෙකු වු මැල්කම් රංජිත් කාඩිනල් තුමාද ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු.දේශපාල නායකයන් මෙන්ම ආගමික නායකයන් මීට වඩා වගකිමෙන් යුක්තව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. තම ආගමික ආයතනවලින් මෙන්ම රාජ්‍ය ආයතනවලින් කැලි කසල කළමනා කරණය සම්බන්ධයෙන් පුර්වාදර්ශයක් ලබාදෙන්නට මෙම ආගමික නායකයන් මෙන්ම දේශපාලන නායකයන්ද මෙතෙක් සමත්වී නැත. විවේචනය ඉතා පහසු ක්‍රියාවක් බව අපි දනිමු.මෙම විවේචකයන් ප්‍රශ්න විසඳීම සඳහා කුඩා හෝ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාමාර්ගයක් පෙන්වන්නේ නම් එය හුදු විවේචනයට වඩා බොහෝ සෙයින් අගය කළයුත්තක් බව අවධාරණයට කිරීමට කැමතිය.

හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති

Related posts

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

දේශපාලකයින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළේ පොලීසිය

Admin

එක රටයි එක නීතියි හකීම් පිළිගන්නෙ නැහැ – ඊනියා සර්ව පාක්‍ෂික බයිලා කිවුවත් අද තියෙන්නෙ එ ජා පක්‍ෂයේ හා බැසිල්ගෙ පොහොට්ටුවේ ජාතික ආණ්ඩුවක්.

colombotoday

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

Admin

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

colombotoday