Colombo Today Local News

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද(11)දිනයේ සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ, ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙන් ය.

මෙම සුළි හට ගැනීම ඊයේ(10) දිනයේ සිදුවු අතර ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවිය.

ඒ අනුව එක් විදුලි ජනන යන්ත්‍රයකින් ඊයේ උත්පාදනය කෙරුණේ මෙගාවොට් 40 ක් පමණි.

අද එය තවදුරටත් පහළ දැමීමට සිදුවනු ඇති බව විදුලි බල මණ්ඩලය විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර තිබේ.

සමනල වැව ජලාශයේ ධාරිතාව පවත්නිනේ සියයට 8 ක් ලෙසයි.

Related posts

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

මියගිය හා අබාධිත වූ රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවනවා – ජනපති නිදහස් උළෙලේදී සහතික වෙයි

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday