Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

අසත්‍ය ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී සිටි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයි රාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

මධ්‍යම පළාත් බද මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු විභාගයක් පවත්වා තිබුණි.

ඒ අනුව 1999 වසරේ පෙබරවාරි මස 05 වනදා ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කෙරුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වගඋත්තරකරුට එරෙහි චෝදනා ඔප්පුවී ඇති බැවින් මහින්ද රත්නායක නම් නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Related posts

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

colombotoday

හෙට රට පුරා සත්වෝද්‍යානවලට ඇතුළුවීම නොමිලේ… විස්කෝතු – අයිස්ක්‍රීම් දරුවන්ට නොමිලේ

colombotoday

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday