Colombo Today Local News

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

2017-bujet222017 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනූව ලබන වසරේදී රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819.5ක් වෙයි.

2016 වසරේදී එය රුපියල් බිලියන 1941.4ක් වන අතර එය 2016 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 121.9ක අඩුවීමකි.

2017 විසර්ජන පනතට අනූව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 6.45කි. ( එනම් රුපියල් කෝටි 645කි).

2016දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.3ක් වන අතර එය මෙවර තුන් ගුණයක පමණ වැඩිවීමක් ලෙස දැකිය හැකිය.

2017දී අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය‍ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.25කි. ( එනම් රුපියල් කෝටි 125කි).

එය 2016දී රුපියල් බිලියන 0.4ක් ලෙස සටහන් විය.

2017 වසරට ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 284ක් වෙන්කර ඇති අතර 2016ට සාපේක්ෂව එය රුපියල් බිලියන 22ක අඩුවීමකි.

2017 සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 160.9ක්ද වෙන්කර ඇති අතර 2016 සඳහා එය රුපියල් බිලියන 174.9ක් වේ.

2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන 185.9කි.

එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.

2017 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 163.4ක් වෙන්කර ඇත.

අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.

අයවැය විවාදය දෙසැම්බර් 10 දක්වා සිදු කිරීමට නියමිත අතර තෙවන වර ඡන්දය ද එදින පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

colombotoday