Colombo Today Local News

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කොට ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධාන පවත්වන පාගමනේදී එහි කැදවුම්කරු මෛත්‍රී ගුණරත්න මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රී මන්ත්‍රීවරයෙකුට පහරදී ඇතැයි වාර්තාවේ.

ඊයේ මහනුවර නගරයෙන් ආරම්භ කල මේ පා ගමන අද දෙවැනි දිනයට මාවනැල්ල ප්‍රදේශයෙන් ආරම්භවූ අතර මෙහි ආරම්භක අවස්ථාවද පගමනට සහභාගී වන්නන් අඩු නිසා පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බවත් එයින් මහත්සේ කුපිතව ඇති මෛත්‍රී ගුණරත්න මෙවර මීගමුව නගර සභාවට කෙහෙල් ඇවරිය යටතේ තරග කොට බෝනස් මන්ත්‍රීධුරයක් ලබාගත් පුද්ගලයාව තම ජීප් රථය පිටුපසට ගෙන ගොස් පහරදී ඇතැයි දැන ගන්නට ඇත. ආරම්භක දිනය වූ ඊයේ දිනයේද පාගමන සදහා පැමිණ සිටියේ 200කට අඩු සංඛ්‍යාවක්වූ අතර ඊයේ දිනයේ ගිණි අවි දෙකක් ළග තබා ගැනීම නිසා වරෙක මෛත්‍රී ගුණරත්නව පොලිස් අත්අඩංගුවටද පත් විය.

එයට ප්‍රථම ඔහුගේ ජීප් රථය පේරාදෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ කුරුදු පොලු සගවා ප්‍රවාහන කිරීම නිසාය. මේ පා ගමන සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රී වරයෙකුගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කලේ පක්ෂයෙ විනය කඩ කිරීම නිසා පක්ෂයෙන් නෙරපා හැරිය මෙවැනි පුද්ගලයින්ගේ වුවමනාව කුමක්ද යන්න එක්සත් ජාතික පක්ෂය ආදරය කරන තම පාක්ෂිකයා මනාව වටහාගෙන ඇති බවත් පක්ෂයේ නායකත්වයට අභියෝග කරන්න පක්ෂයෙන් එළවූ පුද්ගලයින්ට කිසිසේත්ම අවස්ථාවක් නොලැබෙන බවත්ය.

පාගමන සදහා ඇති ඉතා අඩු ජන සහභාගීත්වය නැවත වරක් සනාථ කරන්නේ පක්ෂයේ නායකත්වය ගැන පාක්ෂිකයාගේ ඇති කැමත්ත බව අවධාරණය කල මන්ත්‍රීවරයා එළඹෙන 04 වැනිදා වැඩි බහුතරයකින් විශ්වාසභංග යෝජනාව පරාජය කොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් තනි එජාප රජයක් ස්ථාපිත කරන බවත් අනාවරණය කලේය.

voiceofceylon

Related posts

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ඥානසාර හිමිගෙන් පොලීසියට ආරක්ෂිත ඇඳුම්

colombotoday

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

colombotoday

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

colombotoday

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

colombotoday

මිලින්ද මොරගොඩ නවදිල්ලි නුවරදී ඉන්දීය තෙල් ඇමැති හමු වෙයි

colombotoday

ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන. මැයි දින සැමරුම් 7 වෙනිදාට කල්දැමීම වරදක් නෑ – මහින්ද රාජපක්ෂ

colombotoday